Wednesday, December 21, 2011

උබුන්ටු මෙහෙයුම් පද්‍‍්‍ධතියේ අ‍ලුත්ම සoස්කරනය (Ubuntu 11.10 Oneiric Ocelot)

                    ඔන්න යාලුවනේ අද මම  ඔයාලට දෙන්න යන්නේ උබුන්ටු මෙහෙයුම් පද්‍‍්‍ධතියේ අ‍ලුත්ම සoස්කරනය (Ubuntu 11.10 Oneiric Ocelot) . මේ අලුත්ම එක නිකුත් කලේ  ඔක්තෝබර් 13 වෙනිදා. මේක නිපදවල තියෙන්නේ අලුත්ම ලිනක්ස් 3.0 කර්නලය(Linux 3.0 Kernel ) පාදක කොට ගෙනයි.මේ මෙහෙයුම් පද්‍‍්‍ධතිය සතුව විශේතා ගණනාවක්  තියෙනවා

…1) ලෝන්චර්(The Launcher )
            උබුන්ටු ඩෙක්ස්ටොප් එකෙහි ඉහලින් සාමාන්‍ය විදියට ටාස්ක් බාර් එක පිහිටන අතර අලුතින් තිරයේ වම්පසින් ලෝන්චර් ලෙස කොටසක් තිබේ.නිතර භාවිත කරන ඇප්ලිකේන්ස් සහ ටූල්ස් ඉක්මනින් ලබා ගැනීමට මෙය භාවිතා කල හැක .‍

…2) උබුන්ටු සොෆ්ට් වෙයා සෙන්ටර්(Ubuntu Software Center )    
     අලුත් සoස්කරනයට  උචිත ලෙස සකසන ලද softwares දහස් ගනනක් නොමිලයේ මෙහිදී ලබාගත හැක.කලින් පාවිච්චි කල අය මේවායේ ගුණ  අගුණ කියා ඒවා වර්ග කොට තිබෙන නිසා ඉන්ස්ටෝල් කිරීමට කලින් තීන්දුවකට එන්න පුලුවන්.


…3)සෙකියුරිටි (Security)
          අලුත් සoස්කරනය සමග වැඩි දියුණු  කළ ෆයර්වෝල් එකක් තියෙන නිසා වයිරස් වලින් ආරක්ෂා වීම මෙන්ම ආරක්ෂිතව අන්තර් ජාලය තුල සැරිසැරීමටද හැකිය.මීට අමතරව හැකර් කරුවන් පරිගනකයට ඇතුලු වීමට ඇති හැකියාවද අවම වේ .


…4)ෆාස්ට් (Fast)
     දැන් තියෙන අලුත්ම පරිගනක වලට සාපේක්ව උබුන්ටු ගොඩාක් වේගවත් .අරගෙනම බලන්නකෝ....


…  ඕන අය ඉන්නවනම්  මෙන්න මෙතනට ගිහින් නොමිලේම බාගන්න.
…පෝස්ට් එක කියවල ප්‍රයෝජනයක් උනානම් comment එකක් දාගෙනම යන්න.facebook share පාරකුත් දාන්න අමතක කරන්න එපා..

No comments:

Post a Comment