කොහොමද කට්ටිය?අදත් මම ඔයාලට ලස්සන ෆිල්ම් එකක් අරගෙනයි ආවේ .මේක
ලස්සන චීන ආදර කතාවක්.මම 2011 අවුරුද්දෙ බලපු හොදම ෆිල්ම් වලින් එකක් තමයි
මේක.මේ ෆිල්ම් එක නිකුත් කලේ 2011.05. 13 .IMDb Rank වල 10 න් 6.3 ක්
අරගෙන තියෙනවා. Andrew Lau විසින් අධ්‍යක්ශනය කරන ලද මෙහි Liu Ye සමගින් Shu Oi රංගනයෙන් දායක වෙනවා.ආදරය කියන්නේ හරිම පුදුම දෙයක්.ඒක කාට කොහොම ඇති වෙනවද කියල කාටවත් කියන්න බෑ.මේ කතාවෙ එන Li Peiru කියන්නේ අධික ලෙස මත්පැන් පානයට යොමු වුන තරුණියක්.දිනක් සාදයකට ගොස් පමණ ඉක්මවා බීමත්ව සිටින ඇයට යලි නිවසට යා ගැනීමට පවා නොහැකි වෙනවා.මෙහිදී සාදයට පැමිණි තවත් තරුණයෙක්(Fang Zhengdong) ඇයට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා.ඔහු පොලිස් පරීක්ෂක වරයෙක්.පසුව මේ දෙදෙනා අතර මිතුරු කමක් ඇතිවෙනවා.ඇය බීමත් වන සැම විටකම මෙම තරුණයාගේ උදව් ලබා ගැනීමට උත්සාහ ගන්නවා .ඒ සැම දිනකම වාගේ ඇය ඔහු සමග නොයෙක් වැරදි හැසිරීම් වලට උත්සාහ ගත්තද ඔහු ඉවසීමෙන් යුතුව ඒවා මග හරිනවා.ඔහොම කාලයක් යද්දී මේ දෙදෙනා නොදැනීම වාගේ අදරය කිරීමට පටන් ගන්නවා.ඊට පස්සේ මොනවද වෙන්නේ? ඒක මම කිව්වොත් ෆිල්ම් එකේ තියෙන රසවින්දනය නැති වෙනවා.දුක, සතුට පිරුණු මෙයාලගේ ආදර කතාවට මොකද වෙන්නේ කියල දැන ගන්න ඔයාලත් ෆිල්ම් එක අරගෙනම බලන්න.ඒ වගේම ෆිල්ම් එක ගැන හොද නරක කියල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා .
ෆිල්ම් එක පහලින් බාගන්න.

No comments:
Post a Comment